හලාවත පොලිසියේ 8 දෙනෙකුගේ වැඩ තහනම්

18

හලාවත කොටිඨාසයේ හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ රාජකාරීයේ යෙදී සිටියදී අයථා ක්‍රියාවක් සිදු කිරීමේ චෝදනාවකට අදාලවයි.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයින් පස් දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රිදුරෙකු ඇතුළු අටදෙනෙකුගෙන් යුත් කණ්ඩායමකයි.
ලද තොරතුරු මත පසුගිය 6 වනදා මෙම පිරිස වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදි සැකකරුවන් 20කට වැඩි පිරිසකගෙන් 9 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන අනෙක් සැකකරුවන් මුදාහැරීමටයි කටයුතු කර ඇත්තේ.
මීට අමතරව අදාළ නිලධාරීන් සූදූ පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබාගෙන දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

Your Comments