හමුදා සාමාජිකයන් 8කට තුවාල – කෝප්‍රල්වරයෙකු ජීවිතක්ෂයට

99

යුද හමුදා සාමාජිකයන් පිරිසක් රැගත් කැබ් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

අනතුර සිදුව ඇත්තේ අද (07) අලුයම 01.30 ට පමණ ගිරිතලේ ප්‍රදේශයේ දී.

රියදුරුට කැබ් රථය පාලනය කර ගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

හමුදා සාමාජිකයන් 10 දෙනෙකු රැගත් කැබ් රථය පොළොන්නරුව දෙසට ධාවනය කරමින් සිටිය දී සිදු වූ අනතුරෙන් සෙබළුන 8 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගොස් ඇත්තේ ගිරිතලේ 2 යුධ හමුදා කඳවුරට අනුයුක්ත 31ක් හැවිරිදි කෝප්‍රල්වරයෙක්.

Your Comments