හමුදාපති සහ බදියුදීන් අද තේරීම් කාරක සභාවට

12

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට අද දිනයේ යුද හමුදාපති ලු‍තිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කැඳවා තිබෙනවා.

පස්වරු 2 ට තේරීම්කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි.

එමෙන්ම, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ කර්මාන්ත හා වානිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාද අද විශේෂ තේරීම් කාරක සභාවට කැඳවා ඇති බව සඳහන්.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් ද කාරක සභාව වෙත කැඳවීමට තීරණය කර ඇති බව ද සඳහන්.

එමෙන්ම ජනාධිපතිවරයා ද එම කාරක සභාවට කැඳවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ අතර ආරක්‍ෂාවේ හිඩැස ඇති වූ ආකාරය අභිරහසක් වීමට තිබූ ඉඩකඩ තේරීම් කාරක සභාව ඔස්සේ වැළකී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළා.

උසස් ඉදිකිරීම් තාක්‍ෂණික පුහුණු කිරීමේ ආයතනයේ පැවති උත්සවයකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Your Comments