හමුදාධිපති නව අග්‍රාමාත්‍ය හමුවෙයි [PHOTOs]

44

නව ආග්‍රාමාත්‍ය මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රථමවරට හමුදා සම්ප්‍රදායානුකූලව අගමැතිවරයා හමුව තිබෙනවා.

අද (29) පස්වරුවේ හමුදාධිපතිවරයා ප්‍රථමයෙන් නව අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් පිරිනැමුවා.

අනතුරුව, අග්‍රාමාත්‍යවරයා සහ හමුදාධිපතිවරයා රටේ ආරක්‍ෂාව ශක්තිමත් කිරීම ආදී පොදු කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සුහදව අදහස් හුවමාරු කරගනු ලැබුවා.

සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිවරයා විශේෂයෙන් සකස් කරන ලද සිහිවටනයක් අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රදානය කළා.

Your Comments