හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට වැසෙයි

11

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ වසා තැබීමට පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා නියෝග කර තිබෙනවා.
ආණ්ඩුකාරවරයා මෙලෙස නියෝග කර ඇත්තේ එම ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්. නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසන්නේ අධික වැසි තත්ත්වයන් හේතුවෙන් ගංවතුර අවදානමකට සහ නායයාමේ අවදානම්වලට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

 

Your Comments