හබරණ වන අලි මරණවලට හේතුව හෙළිවෙයි

22

හබරණ දිගම්පතහ තුම්බිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 6 දෙනෙකු සහ වන අලියෙකු මිය යාමට හේතුව විෂ රසායන ශරීර ගත වීම බවට නිගමනය කර තිබෙනවා.
වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තමන් විසින් පත් කළ කමිටුවේ වාර්තාවට අනුව එම කරුණු තහවුරු වී ඇති බවයි.
කෙසේ වෙතත් ශරීර ගත වී ඇති එම විෂ රසායනික ද්‍රව්‍ය කුමක් ද යන්න තහවුරු කර ගැනීමට මේ වන විටත් රජයේ රස පරීක්ෂකවරයා මගින් විමර්ශන ක්‍රියාත්මක බව ද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කලා.
ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා සත්ත්ව කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ පශු පර්යේෂණ ආයතනයට ද යොමු කළ බවයි.

Your Comments