හංසයා ගැන අවසන් තීරණය ගන්න, එජාපය මැතිවරණ කොමිසම සමග කළ සාකච්ඡාව විසදුමකින් තොරව අවසන්

8

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වුණා.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේ අද පස්වරුවේ පැවති අදාළ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දහවල් රැස්වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය එළඹෙන මහ මැතිවරණයට තරග කරන ලකුණ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමටයි.
ඒ අනුව හංසයා ලකුණින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට එහිදී බහුතර අනුමැතිය හිමිවුණා.
කෙසේ වෙතත් එම සලකුණ පිළිබඳව අවසන් අනුමැතිය ලබා ගැනීම සඳහායි අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත යොමු කෙරුණේ.
කෙසේ වෙතත් එම සාකච්ඡාව එකගතාවයකින් තොරව අවසන් වූ අතර ඉදිරියේ දී යළිත් සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව සඳහන්.
අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එහි සාමාජිකයින් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කළා.
මේ, පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ද අදහස් පළ කලා.

මේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
එහිදී ඔහු පැවසුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා කටයුතු සකස් කර අවසන් බවයි.

Your Comments