සෞඛ්‍ය ආරක්ෂාව මත බැතිමතුන් සීමිත පිරිසක් පමණක් සහභාගිත්වයෙන් මඩු පල්ලියේ ජුලි මස දේව මෙහෙය පවත්වයි
මාධව කුලසූරිය - වවුනියාව

19

මන්නාරම මඩු දේවස්ථානයේ ජුලි මස දේව මෙහෙය මන්නාරම දිසාව භාර රදගුරු ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් අද(02) උදැසන මඩු දේවස්ථානයේදි පැවැත්වුණා.
පසුගිය 23 වැනිදා සිට ආරමිභ වු මඩු දේවස්ථානයේ ජුලි මස දේව මෙහෙය කාලසීමාව තුළ සෞඛ්‍ය හේතූන් මත මංගල්ල වෙනුවෙන් සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගත් බවයි මඩු දේවස්ථාන පාලක සභාව කියා සිටියේ.
කුරුණෑගල දිසාව භාර රදගුරු ඇන්තනි පෙරේරා පියතුමා, ත්‍රිකුණාමලය දිසාව භාර රදගුරු නොයල් ඉමානුවේල් පියතුමා ඇතුළු පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් ජුලි මස දේව මෙහෙය පවත්වා තිබෙනවා.
මඩු දේව මැණියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම වෙනුවෙන් දේව මෙහෙය සඳහා කිතුණු බැතිමතුන් සහභාගි වී සිටි බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
පසුගිය වසරවල ලක්ෂ දෙකක පමණ පිරිසක් ජුලි මස දේව මෙහෙය වෙනුවෙන් සහභාගිවුවද මෙවර පවතින සෞඛ්‍ය අවදානම හේතූවෙන් සීමිත පිරිසකට පමණක් දේව මෙහෙයට සහභාගි වන ලෙසට සෞඛ්‍ය අංශ ඉල්ලීම් කොට තිබිණ.
මන්නාරම දිසාපති කාර්යාලය පැවසුfවි මන්නාරම දිසාපති කාර්යාලය, මන්නාරම සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය, මන්නාරම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්, මඩු පොලිස් ස්ථානය, මඩු ප්‍රාදේශීය ලේකමි කාර්යාලය, යුධ හමුදා නිළධාරීන් ඒකාබද්ධව දේව මෙහෙය වෙනුවෙන් පැමිණි බැතිමතුන් සියළු දෙනා වෙනුවෙන් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, ජල පහසුකමි, සනීපාරක්ෂක පහසුකමි, ආරක්ෂක පහසුකමි ආදි පහසුකමි සියල්ල ලබාදුන් බවයි.
මඩු දේවස්ථානයේ මහා මංගල්ලය අගෝස්තු මස පැවැත්වීමට නියමිත බවද මඩු දේවස්ථාන පාලක මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.

Your Comments