සොමුද්‍රා අවිජාන් කොළඹට

8

බංගලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්‍රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළි ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සහිරුල් හක් ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ඇති බව සඳහන්.

එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ සුහද පිළිසඳරක නිරත වී තිබෙනවා.

එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණා.

නෞකාව සිව් දින නිල සංචාරයක් සඳහායි පැමිණ ඇත්තේ.

එම කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධාන කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, මෙරට වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නාවික නිළධාරීන් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම මෙම සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මතට බංගලාදේශ නාවික හමුදා හෙලිකොප්ටර් යානාවක් ගොඩබෑමේ පුහුණු අභ්‍යාසයක් ද සිදු කෙරෙනු ඇති.

Your Comments