සේනා හානි සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹෙයි

35

සේනා දළඹු උවදුරේ බලපෑම් එල්ල වූ වගාවන්ට වන්දි ලබාදීම සඳහා තක්සේරු කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පවසනවා.

සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ කාර්ය සාධන බලකායේ කටයුතු ද මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඇඹිලිපිටිය පදලංගල ජුලංකැටිය ප්‍රදේශයේ කෙසෙල් වගාවට ද සේනා දළඹු උවදුර පැතිර ඇති බව ගොවීන් සඳහන් කළා.

ඔවුන් පෙන්වා දෙන්නේ කෙසෙල් වගාව ආශ්‍රිතව ඇති වෙනත් බෝග වලට ද සේනා දළඹුවා හානි කර ඇති බවයි.

මේ අතර, සේනා දළඹු අර්බුදය විසඳීමට තවමත් පැහැදිලි අවස්ථා පවතින බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ ආරම්භක අවදියේම දළඹුවා මර්ධනය නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උත්ගත වූ බවයි.

Your Comments