‘සේනා’ පරීක්ෂණ වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට

21

ප්‍රදේශ කිහිපයක වගාවන්ට හානි සිදු කරන සේනා දළඹු විශේෂය මර්දනය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයට අද භාරදීමට නියමිතව තිබෙනවා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පර්යේෂක පිරිසක් විසින් වාර්තාව සකස් කර ඇති බව සඳහන්.

වාර්තාවේ නිර්දේශ ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වාර්තා වන්නේ.

සේනා නම් ආක්‍රමණශීලි දළඹු විශේෂය 2016 වසරේදී මුල් වරට සොයා ගනු ලැබුවේ නයිජීරියාවෙන්.

කෙසේ වෙතත් මේ වනවිට මෙම දළඹු විශේෂය රටවල් 44ක පමණ ව්‍යාප්ත වී තිබෙනවා.

මෙරටින් මුල්වරට මෙම දළඹු විශේෂය වාර්තා වූයේ අම්පාර දිස්ත්‍රික්කයෙන්.

මේ වනවිට අනුරාධපුර, මොණරාගල සහ කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම එම දළඹු විශේෂය ව්‍යාප්ත වී ඇති බව සඳහන්.

Your Comments