සුළු වැරදි මත සිරදඬුවම් ලැබූ රැඳවියන් 254කට නිදහස

10

සුළු වැරදි මත සිර දඩුවම් ලැබු රැදවියන් 254 දෙනෙකු නිදහස් කර තිබෙනවා.
ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශයකට අනුව ජනාධිපති පොදු සමාව යටතේ යි
මිනිමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රීදූෂණ, ළමා අපචාර, මත්කුඩු ජාවාරම්, පැහැරගැනීම් ඇතුළු බරපතල ගණයේ චෝදනා 30 ක් සම්බන්ධව වරදකරුවන් වූවන්ට මෙම වරප්‍රසාදය හිමි නොවූ බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා සදහන් කළා.
ඒ අනුව වයස අවුරුදු 65ට වැඩි සුළු වැරදි මත දඬුවම් ලබා සිටි රැදවියන් මෙලෙස නිදහස ලබා තිබෙනවා.
මීට මාස තුනකට පෙර බන්ධනාගාර මූලස්ථානය හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ නම් ලැයිස්තුවකටයි පසුගිය 13 වැනිදා ජනාධිපති පොදු සමාව සදහා අනුමැතිය හිමිව තිබුණේ.

Your Comments