සුළං වේගය වැඩිවීමේ තත්ත්වයක්

24

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
විශේෂයෙන් මධ්‍යම, උතුර, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම තද සුළං තත්ත්වය හටගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව පුත්තලම සිට කන්කසන්තුරය හා ත්‍රිකුණාමලය දක්වා සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
ඒ අනුව ධීවර හා නාවුක ප්‍රජාව ඒ පිලිබඳ අවධානය යොමුකල යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

Your Comments