සුද්දෝ හදපු මන්නාරමේ ඩොරික් බංගලාව විනාශමුඛ්‍යයට

57

විදේශිකයින්ගේ පාලන සමයේ ඔවුන්ගේ ආක්‍රමණයට හසුව යටත් විජිතයකට නතුවූ ලංකාවේ ගොඩනැගිලි අදටත් කෞතුක වස්තූන් ලෙස දෙස් විදෙස් සංචාරකයින්ගේ මනදොල පිනවන්නක්ව තිබීම සදහන් කල යුතුය.

ඉංග්‍රීසින් හා ලන්දේසීන් එකල යුධ පරාක්‍රමයෙන් මෙරට අත්පත් කරගෙන සිටි කාල වකවානු වලදී අප රටේ පිහිටා තිබූ මැණික් රැගෙන ගිය බව පැරණි පත පොත අදටත් සාක්ෂි දරන අතර එයට හොදම නිදසුන ලෙස සදහන් කල හැක්කේ මන්නාරම කොන්ඩච්ච් බොක්කේමුතුකැණිම යි.

කොන්ඩච්ච් බොක්කේ මුතු කැණිම සිදුව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික ‍ෆේඩ්රික් නොර්ත් මහතාගේ අධික්ෂණය යටතේ බවට එකල තිබූ පැරණි පොත පත සාක්ෂි සාධක සහිතව සනාථ කරනවා.

ෆ්‍රෙඩ්රික් නොර්ත් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා වන අතර ඔහු වෙනුවෙන්ම නිවසක් ඉදිවී ඇති අතර මෙම නිවස අංග සම්පුර්ණ මන්දිරයක් බව ඉතිහාසය සාක්ෂි දරයි.

එකී මන්දිරය මන්නාරම, සිලාවතුර ප්‍රදේශයේ මහ සයුරට නුදුරුව ගල් පර්වතයක් මත ඉදිකර ඇති ආකාරය එහි යන කොයි කාගෙත් නෙත් පිනවන දසුනක්ව තිබෙනවා.

එම මෙහල් මන්දිරයෙහි පහත මහළ කාමර හතරකින් සමන්විත අතර ඉහල මහලට ගමන් කිරිමට පිය ගැටපෙලක් එකළ තිබූ තාක්ෂණයෙන් ඉදිකර තිබීම මවිතයක් ගෙන දෙන්නක්ව ඇත්තේ.

ආණ්ඩුකාරවරයාගේ නිදන කාමරය හා විශාල කෑම කාමරය ද තිබි ඇත්තේ ඉහල මහලේ බවට පුරාවිද්‍යා ගවේෂණ මගින් අනාවරණය කර ගෙන ඇති බව කියයි.

ෆ්‍රෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරවරයායාට නැගුන සිතුවිල්ලක සිත්තමක් ලෙස ඉදිව ඇති මෙම දෙමහල් මන්දිරය ඔහුගේම ගෘහ නිර්මාණ සැලසුමක් වන ග්‍රීක ගෘහ නිර්මාණ ශීල්පිය ක්‍රමයට ආවේණික වූ මනරම් කලා නිර්මාණයක්ව තිබීම එහි විශේෂත්වයකි.

ක්‍රිස්තු පුර්ව 1804 දි ඉදිකර ඇති මෙම මන්දිරයේ සිට කොන්ඩච්ච් මුතු කැණිම් අධික්ෂණය සිදු කර ඇති බව සදහන් වෙයි.

එම සියවසේ ඉංග්‍රීසින්ගේ ප්‍රබල ආදයමක් බවට මෙම මුතු කැණිම සිදුව ඇති බවද සඳහන් වන අතර පුරාවිද්‍යා තොරතුරු අනුව මෙම මන්දිරය ඉංග්‍රීසින් ඉදිකල මනරම්ම මන්දිරයක් බවට 1807 දි ජේම්ස් කොඩිනර් පියතුමන් විසින් රචිත ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කෘතියේ සදහන් වන බව කියයි.

ඉංග්‍රීසි පාලනයෙන් පසුව මෙරට ඉතිරිව ඇති නටඹුන් අතරින් මෙම මන්දිරයට සුවිශේෂි වූ ප්‍රමුක්ස්ථානයක් හිමිව ඇති අතර මේ වන විට පුරාවිද්‍යා ස්මාරක බවට 1940 අංක 09 දරණ පුරා විද්‍යා ආඥා පනතින් ප්‍රකාශීත ස්මාරකයක් බවට පත්ව තිබේ.

නමුත් මේ වන විට දෙස් විදෙස් සංචාරකයින්ගේ පුදුමය දනවන්නක්ව තිබෙන මෙම මන්දිරයේ ඉතිරිව ඇති ගොඩනැගිලි කොටස් ද බරපතල මුහුදු ඛාදනයට ලක් වෙමින් පවතින අයුරු දැක ගත හැකි වන්නේ මෙය රැකගැනිමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සමත්ව නැති බව පෙන්වා දෙමිනුයි.

Your Comments