සීදුව සැකකරුවන්ගේ නිවසේ තවත් හෙරොයින් තොගයක් සහ මුදල්

29

හෙරොයින් සමඟ ඊයේ (14) සීදුව කුස්වල පාරේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැදී සිටි නිවසකින් තවත් හෙරොයින් තොගයක් සොයා ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුව හෙරොයින් කිලෝ1 යි ග්‍රෑම් 507ක්, ගංජා කිලෝ 12යි ග්‍රෑම් 776ක්, මත්පෙති 500 ක් සහ පිස්තෝලයක් මෙන්ම උණ්ඩ 7 ක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

හෙරොයින් ග්‍රෑම් 521 ක් සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඔවුන් රැදී සිටි නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 507 ක්, ගංජා කිලෝග්‍රෑම් 12 යි ග්‍රෑම් 776 ක්, එක්ස්ටසි මත්පෙති 500ක් සහ පිස්තෝලයක් සහ එම උණ්ඩ 7ක් මෙන්ම පතොරම් ගැබක් සොයා ගැනුණා.

ඊට අමතරව මුදලින් රුපියල් 108320ක් ද හමුව තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 521ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ දිනයේ දී.

දින දෙකේ දී සොයා ගැනුණු හෙරොයින්වල වටිනාකම රුපියල් කෝටි දෙකකට අධිකයි.

Your Comments