සීදුවේ අනතුරකින් අයෙක් මරුට

11

සීදූව, කොටුගොඩ මාර්ගයේ ගුරුගෙවත්ත ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

කොටුගොඩ දෙසට ධාවනය වූ මෝටර් රථයක් සහ ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු සීදුව රෝහලට ඇතුළත් කිරීමේදී පැදිකරු මිය ගොස් තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 33 ක් වූ ජාඇල ඒකල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments