සිසුවෙකුට පහරදුන් විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිත සිරදඬුවමක්

50

පාසලේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුවෙකුට පහරදී බරපතල හානි සිදුකළ විදුහල්පතිවරයෙකුට බරපතල වැඩ සහිත වසරක සිරදඬුවමක් අනුරාධපුර මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.

ඒ අදාළ නඩුවේ විභාගය මහාධිකරණ විනිසුරුවරයා හමුවේ කැඳවු අවස්ථාවේදි.

සිරදඬුවම වසර 05කට අත්හිටවීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

පාසල් සිසුවා වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් මාස හයක බරපතල වැඩ සහිත සිරදඬුවම් ලබා ලබාදීමටත් අධිකරණය නියෝග කළ බව සඳහන්.

2015 වසරේ මාර්තු 18 වැනි දින හෝ ඊට ආසන්න දිනයක එප්පාවල – මාවතවැව විද්‍යාලයේදී මෙම සිසුවාට පහරදීම සිදුව තිබුණා.

Your Comments