සිරුරේ ස්ථාන 12 ක් කපා දමා බිරිඳ මරා දමලා
මාධව කුලසූරිය - වවුනියාව

45

තම බිරිඳගේ සිරුරේ ස්ථාන 12ක් කපා දමා සැමියා විසින් බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් යාපනය ගුරුනගර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

යාපනය පොලිසිය පැවසුවේ පැවසූවේ පවුල් ආරවුලක් මත ස්වාමි පුරුෂයා විසින් බිරිඳගේ බෙල්ල, අත් පා ඇතුළු ස්ථාන 12 ක් කපා දමා මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මෙලෙස කපා දැමීමෙන් තුවාලලත් කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවත් ඇය 40 හැවිරිදි තිදරු මවක් බවත් යාපනය පොලිසිය පවසනවා.

කාන්තාව ඝාතනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Your Comments