සිරිපා වන්දනා වාහන ගාල් කිරීමට අධික ගාස්තු

62



ශ්‍රි පාද වන්දනාකරුවන් රැගෙන එන පුද්ගලික වාහනවලින් නල්ලතන්නිය නගරයේ පුද්ගලික රථ වාහන ගාල් වලින් අධික ලෙස මුදල් අය කිරිම නිසා එම වාහන වල අයිතිකරුවන් සහ රියදුරුවරුන් දැඩි අසිරුතාවයකට පත් වි සිටිනවා.

මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ රථගාලක් වශයෙන් ලියාපදිංචි කිරිමකින් තොරව නල්ලතන්නිය නගරයේ ස්ථාන කිහිපයක රථ වාහන ගාල් කිහිපයක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසින් ශ්‍රි පාද වන්දනා වාරයේදි පවත්වාගෙන යනු ලබනවා.

කිසිදු පොදු පහසුකමක්වත් නොමැතිව පවත්වාගෙන යන මෙම රථ ගාල් තුළ බස් රථයක් ගාල් කිරිම සඳ හා රු: 500 ක් ද, කුඩා බස් රථයක් සඳහා රු:450 ක්ද වැන් රථයක් සඳහා රු 350 ක්ද, ත්‍රිරෝද රථයකට රු: 250 ක්ද, යතුරුපැදියක් සඳහා රු: 200 ක් වැනි විවිධ මිල ගණන් යටතේ මුදල් අයකරයි.

වාහනවල වගකිම රථගාල් හිමියන් භාර නොගනියි.

ගාල් කරන සියළු වාහනවල රියදුරා අනිවාර්යයෙන්ම වාහනයේ හෝ රථගාලේ රඳී සිටිය යුතු බවටද එම රථගාල් පවත්වාගෙන යන අය විසින් දන්වා තිබෙනවා.

සුළු වේලාවකට වුවද එම රථගාල්වලට ඇතුල්කරන රථ වාහනවලින් මුදල් අය කරනු ලබන්නේද බලහත්කාරයෙන්.

ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් මස්කෙලිය ප්‍රාදේශිය සභාව මගින්ද පවත්වාගෙන යන පොදු රථ ගාල තුළද මෙවැනිම ආකාරයට ගාල් කරන වාහන සදහා විවිධ මිල ගණන් යටතේ අධික මුදලක් අය කරන බවයි පැවසෙන්නේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් NEWS24 මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එම්. රාජවිරන් මහතාගෙන් විමසා සිටියා.

ඔහු කියා සිටියේ තම ප්‍රාදේශිය සභාව මගින් පවත්වාගෙන යන පොදු රථ ගාලේ ගාල් කරන රථ වාහන සදහා අධික මුදලක් අයකරන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලිමක් සිදු කරන බවයි.

නල්ලතන්නිය නගරයේ පෞද්ගලික රථගාල් කිසිවක් තම ප්‍රාදේශිය සභාවේ ලියාපදිංචි නොමැති බවත්, නල්ලතන්නිය නගරයේ සිදු වන මෙවැනි අකටයුතු සොයා බැලිමට තම ප්‍රාදේශිය සභාවට බලතල ලබා ගැනිම සදහා මධ්‍යම පළාත් අණ්ඩුකාරවරයා සහ මධ්‍යම පලාත් කොමසාරිවරයා සමග සාකච්ඡා කර අතුරු ව්‍යවස්ථාවක් සකස් කර එම අතුරු ව්‍යවස්ථාව ගැසට් කිරිමට පියවර ගන්නා බවද ලේකම්වරයා කියා සිටියා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

Your Comments