සිරිපා කරුණාවට ගිය කතක් හදිසියේ රෝගී වී ජීවිතක්ෂයට

20

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ඊයේ (09) රාත්‍රී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ ඉදිකටුපාන ප්‍රදේශයේදී හදිසියේ රෝගතුරවීමෙන් මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, ගාල්ල, කරන්දෙණිය, කැරෑව ප්‍රදේශයේ සිට පැමිණි 56 හැවිරිදි එක්දරු මවකි.

නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් නඩයක් සමග ශ්‍රීපාද වන්දනා කර නැවත ගම් බිමි බලා යාම සඳහා නල්ලතන්නියට පැමිණෙමින් සිටියදී ඉදිකටුපාන ප්‍රදේශයේදී ඊයේ (9) ප.ව. 06.30 ට පමණ හදිසියේ රෝගාතුරවීමෙන් පසුව මස්කෙළිය ප්‍රදේශීය රෝහල වෙත නල්ලතන්නිය පොලීසියේද සහායෙන් ගෙනවිත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව මියගොස් තිබෙනවා.

මළ සිරුර සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය අද (10) පැවැත්විමට නියමිතයි.

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක – මස්කෙළිය

Your Comments