“සිරිකොත ගේට්ටුව වැසුවේ නැහැ”

12

21 වන දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම සඳහන් කළේ එවැනි සිදුවීමක් සිදුව නොමැති බවයි.

20 වන දා පැවති එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍ය මණ්ඩල හමුවේ දී එළැඹි පොදු තීරණය වූයේ මහජන නියෝජිතයනට ස්තුති කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා විසින් 21 වන දා සිරිකොත මන්දිරයේ දී පැවැත්වීමට සූදානමින් සිටි උත්සවය කල් දැමීම වඩාත් සුදුසු බව අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

ඒ අනුව සියළු පාර්ශවයන් වෙත එම තීරණය දැනුම් දීමට කටයුතු කර තිබුණත් එදින රාත්‍රියේ සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති දුරකථන සංවාදයේ දී දන්වා ඇත්තේ සමහර කණ්ඩායම් වෙත පණිවිඩය යැවීමට නොහැකි වීම නිසා පැමිණෙන නියෝජිතයන් වොක්ෂෝල් වීදිය කාර්යාලයේ හමුවීමට කටයුතු යොදා ඇති බවයි.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය

Your Comments