සියොන් ප්‍රහාරකයාගේ මිහිදන් කෙරුණු හිස කොටස අද ගොඩ ගනියි

25

අප්‍රේල් 21 වනදා මඩකලපුව සියෝන් දේවස්ථානය තුල මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ත්‍රස්තවාදියාගේ භූමදානය කර ඇති හිස කොටස අද[02] යළි ගොඩගැනෙනවා. ඒ අධිකරණ නියෝගයකට අනුවයි.

සියෝන් දේවස්ථානය තුල මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් මොහොමඞ් නසාර් මොහොමඞ් අසාද් නැමති ත්‍රස්තවාදියාගේ හිස කොටස අධිකරණ නියෝගයකට අනුව මඩකලපුව කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ මිහිදන් කෙරුණා.

එහෙත් ප්‍රදේශවාසීන් ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමග ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවක්ද හටගත්තා.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් යළිත් වරක් අධිකරණයට මේ පිළිබඳ කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි මිහිදන් කර ඇති හිස කොටස යළි ගොඩගෙන වෙනත් සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.

Your Comments