“සියලු‍ රටවල් සමඟ සමීපව හා මිත‍්‍රශීලිව කටයුතු කිරීම අරමුණයි” (PHOTOs)

17

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පණ ගන්වා ඉදිරියට ගෙන යාමේ කි‍්‍රයාවලියේ දී සියලු‍ රටවල් සමඟ සමීපව හා මිත‍්‍රශීලිව කටයුතු කිරීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ටජිකිස්ථාන ජනාධිපති එමොමාලි රාමොන් සමඟ පැවැති හමුවේදීයි.

ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 05 වන සමුළුව සඳහා සහභාගීවීමට ටජිකිස්ථානයට ගිය අවස්ථාවේදීයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස එරට ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූයේ.

විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමුවුණා.

ආර්ථික සංවර්ධනය හා අන්තර්ජාතික වෙළෙඳ කටයුතු වර්ධනය කරගැනීමට දෙරටම කැපව සිටින බැවින් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී රාජ්‍ය නායකයන් දෙපල වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

 

 

Your Comments