‘සිත හදන තුරු’ සම්මානයෙන් පිදුම් ලබයි

23

ශ්‍රී ලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් සහෝදර ඇන්ටන් චාර්ල්ස් තෝමස් ප්‍රමුඛ දහම් පහණ හා එක්ව සිත එෆ් එම් ගුවන් විදුලිය සංවිධාන කරනු ලැබූ සහෝදරත්වයේ තුරු සෙවන ‘සිත හදන තුරු‘ ජාතික මෙහෙවර ඊයේ සම්මානයට පාත්‍ර වුණා.

ඒ, සිනමන් ලේක්සයිඩ් හි පැවති PMI Colombo Sri Lanka Chapter – National Project Management Conference 2018 සම්මාන රාත්‍රියේදීයි.

සිත හදන තුරු සම්මානයට පාත්‍ර වුයේ හොදම ප්‍රජා සංවර්ධන කළමනාකරණ ව්‍යාපෘතිය ලෙසයි.

ඒ, ආයතන 68 ක් මුල් කර ගනිමින් සිදු කළ ශ්‍රේණිගත කිරීම් 10 ක් අතුරින්.

‘සිත හදන තුරු’ ජාතික මෙහෙවර ආරම්භ කරනු ලැබුවේ යාපනයේ යුද්ධයෙන් පීඩාවට පත් අපේම සහෝදර සහෝදරියන්ගේ ජීවිත ගොඩ නැංවීමට පොල් පැල ලබා දීමේ වැඩපිළිවෙලක් ලෙසයි.

ශ්‍රී ලංකා යුධ හමුදාව සමග ඇන්ටන් චාර්ල්ස් තෝමස් සහෝදරතුමන්ගේ සංකල්පයකට අනුව සිත හදන තුරු ජාතික ක්‍රියාන්විතය අදියර දෙකකදී මැයි සහ ජුනි මාසවල යාපනයේදී ක්‍රියාත්මක වුණා.

සිත හදන තුරු ජාතික ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා ජනතා ආකර්ශණය මෙන්ම පරිත්‍යාග රැසක් ඩී එෆ් සී සී බැංකුවේ සිත හදනතුරු ගිණුමට බැර කරනු ලැබුවා.

සිංගර් ශ්‍රී ලංකා, හාපික් සහ ලංකා බැංකුව ද සිත හදනතුරු ජාතික ක්‍රියාන්විතය සාර්ථක කර ගැනීම සඳහා අප වෙත දායකත්වය ලබා දෙනු ලැබුවා.

ඒ අනුව මෙහෙවර සාර්ථකව ඉටු කිරීමට දායක වූ සියලු පාර්ශවයන්ට සහ ශ්‍රාවක සියළු දෙනාටම ස්කයි මාධ්‍ය ජාලයේ කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කර සිටින්නෙමු.

 

Your Comments