සාමාන්‍ය පෙල විභාගය අදින් ඇරඹෙයි
ඡායාරූප :- රංජිත් රාජපක්ෂ - හැටන් / මාධව කුලසේකර - වවුනියාව / මනුර සුදත් සෙල්ලහේවා - හැටන්

9

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද[02] ආරම්භ වනවා.
ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත්තේ.
මෙවර විභාගය සඳහා ඉදිරිපත්වන අයදුම්කරුවන් සංඛ්‍යාව හත්ලක්ෂ දාහත් දහස් අටක් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ අසුතුන් දහස් නවසිය පනස් අටක්ද ඊට ඇතුළත්.
මේ, ඒ සම්බන්ධයෙන් සහ අපේක්ෂකයින් හට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කළ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා.

අද දින අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය පැවැත්වෙන ශාලා තුළට රැගෙන යා යුතු උපකරණ සම්බන්ධයෙන් ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙලෙස පැහැදිලි කිරීමක් කළා.

මේ අතර, අපේක්ෂකයින් හට ආපදා තත්ත්වය හේතුවෙන් ඇතිවන ගැටලු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ද අධ්‍යන පොදු සහිතක පත්‍ර සාමාන්‍ය පෙල විභාගය අවසන් වන තුරු හදිසි මෙහෙයුම් මැදිරිය විශේෂ මෙහෙයුම් මැදිරියක් ලෙස ක්‍රියාත්මක කරන බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළා.

Your Comments