සාමණේර හිමිවරුන්ට පහර දුන් උටියාට ඇප

11

හෙරොව්පතාන ප්‍රදේශයේ පිරිවෙන් විහාරස්ථානයක සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා ඇප මත මුදා හැර තිබෙනවා.

සාමණේර හිමිවරුන් දෙනමකට අදාල සැකකරු විසින් පහරදෙන වීඩියෝවක් ප්‍රචාරය වීමත් සමඟයි සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කලේ.

ඒ අනුව හොරොව්පතාන පොලිසිය විසින් පසුගිය 11 වනදා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යි නියෝග කෙරුණේ.

අදාල නඩුව අද කැබිතිගොල්ලෑව වැඩබලන දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා ඉදිරියේ කැදවු අවස්ථාවේ සැකකාර චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැරුණා.

Your Comments