ස්වයංක්‍රීය ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

56

අවිස්සාවේල්ල උක්වත්ත පොදු සුසාන භූමිය ආසන්නයේදී ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසිනයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් ත්‍රීරෝධ රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි පොලීස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඔවුන් 26 සහ 30 යන වයස්වල පසු වන අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Your Comments