සහරාන් ඇතුළු ත්‍රස්තයින් අවසන්වරට පුහුණුව ලැබූ කඳවුර නුවරඑළියෙන් සොයා ගැනේ[Photo]
රංජිත් රාජපක්ෂ - හැටන්

802

තවුහිත් ජමාත් සංවිධානය විසින් නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණුවිම් කඳවුරක් නුවරඑළිය පොලිසිය සහ යුධ හමුදාව නිලධාරින් විසින් අද (06) වටලා තිබෙනවා.

අම්පාර කල්මුණේ සහින්දමාර්දු ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදියෙකුගෙන්  ප්‍රශ්න කිරීමේදි ඔහුගෙන් ලද තොරතුරක් මත දෙමහල් නිවසක පවත්වාගෙන ගිය මෙම කඳවුර සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මෙම පුහුණු කදවුර තුල 38 දෙනෙකු පුහුණුව ලැබු බවත්, මෙම පුහුණු කඳවුරට සහරාන්ද සහභාගි වී ඇති බවත් එම සැකකරු පවසා තිබෙනවා. දිවයිනේ ස්ථාන කිහිපයකම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ අවසන් පුරුදු පුහුණු විම් පසුගිය අප්‍රේල් 17 වන දින සහරාන්ගේද සහභාගිත්වයෙන් මෙහිදී සිදු කර ඇති බවයි දැනට සිදු කර ඇති මුලික පරික්ෂණවලදි අනාවරණය වී ඇත්තේ.

නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිරිපිට කෙටිකාලින කුලි පදනම මත  ලබාගත් දෙමහල් නිවසකයි  මෙම පුහුණු කඳවුර පවත්වාගෙන ගොස් ඇත්තේ.

එම නිවසේ අයිතිකරු සහ එම නිවසට පහසුකම් සැපයූ  නුවරඑලිය බ්ලැක්ෆුල් ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් නුවරඑළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නිව්ස්24 වාර්තාකරු පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය සහ යුධ හමුදාව එකාබද්ධව අංශ කිහිපයක්  ඔස්සේ පරික්ෂණ පවත්වනු ලබනවා.

Your Comments