සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත 11 වනදා දක්වා රිමාන්ඩ්

25

පුද්ගලයකු පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා ලබන 11 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස අධිකරණය අද නියෝග කළා.
ඒ කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාගේ නියෝගයකට අනුවයි.
පිඟන් සංස්ථාවේ හිටපු සභාපතිවරයකුගේ සේවකයකු ඉකුත් 2008 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා පිලියන්දල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළවයි මෙම සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගැනුණේ.
මෙම සිද්ධියට අදාළව පොලිස් සැරයන්වරු දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් ඇප මත මුදා හැර සිටිනවා.

Your Comments