සයින්දමරුදු මුලික අයිතිවාසිකම් පෙත්සම සමථයකට පත් වෙයි

16

සයින්දමරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් වශයෙන් උසස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා 2017 වසරේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද[18] සමථයට පත් කෙරුණා.
සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන මොහොමඞ් අලියාර් සහ මොහොමඞ් නවුෆර් යන අය විසිනුයි අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණේ
එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට පාදකවන සයින්දමරුදු ප්‍රාදේශීය සභාව නගර සභාවක් වශයෙන් උසස් කරමින් පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් දැනටමත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ පෙත්සම්කරුවන් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව අධිකරණයට දැනුම් දුන්නා.

Your Comments