සයින්දමරදු පිපිරීමට භාවිත කළ වෑන් රථය පිළියන්කුළමෙන් සොයා ගනී

14

සයින්දමරුදු ප්‍රදේශයේ දී පුපුරුවා හැරුණු බෝම්බ සහ පුද්ගලයින් ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන 250 – 5680 දරණ වෑන් රථය සමඟ සැකකරුවෙකු ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, මැදවච්චිය – තල්ගස්වැව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගත් ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ප්‍රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස අධිකරණය අද පොලීසියට නියෝග කළා.
ඒ, සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජානක ප්‍රසන්න සමරසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මැදවච්චිය පොලීසිය එක්ව ඊයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනුණා.
ඔහු ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ සංවිධායකවරයා ලෙස කලක් කටයුතු කර ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

Your Comments