සමාජ මාධ්‍යයෙන් ජනතාව රවටා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

35

සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ මහජනතාව රවටා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසනවා.

වංචාකරුවන් විසින් සමාජජාලා මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් ඇසුරු කර හිතවත් වීම හරහා විශ්වාසයක් ගොඩනගා ගෙන මෙම වංචාව සිදු කරන බවටයි අණාවරණය වී ඇත්තේ.

විවිධ රටවල ලොතරැයි දිනුම් ඇදීම් හෝ ත්‍යාග, රාජ්‍ය නොවන සංවිධාන විසින් තෝරාගත් පිරිසකට ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබාදෙන බව පවසා මෙලෙස ඔවුන් මුදල් වංචා කර ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් මුදල් හෝ ත්‍යාග ලබාගැනිම සඳහා මුදල් තැන්පත් කිරීම, වගකිවයුතු ආයතනයකින් විමසීමකින් තොරව සිදු නොකරන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Your Comments