සන්නිවේදන ජාල අවහිර කිරීමට යොදා ගන්නා උපකරණ සමඟ සැකකරුවෙකු  අත්අඩංගුවට

32

දුරකථන මාර්ග ඇතුලු විවිධ සන්නිවේදන ජාලයන් අවහිර කිරීමට යොදාගන්නා උපකරණ 8 ක් සමඟ පුද්ගලයෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සැකකරු මීගමුව – ලාසරස් මාවතේ පදිංචිකරුවෙකු බවයි.
මීගමුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද කළ මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments