සද්දන්තයාට ජනපතිගෙන් රසවත් ආහාරයක්

37

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලු‍ත් නුවර අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

කෝට්ටේ රජමහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවූ අතර මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත සෙත් පිරිත් සඡ්ඣායනා කරමින් ආශිර්වාද පිරිනැමූවා.

මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

මෙහි දී රජමහා විහාරස්ථානයේ හස්තියාට පළතුරු ලබා දීමට ද ජනාධිපතිවරයා එක්‌ වුණා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ද ඊයේ පස්වරුවේ පැමිණියා.

අනතුරුව ජනාධිපතිවරයා විහාරාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.

 

Your Comments