සජිත්ගේ සහයට මංගල සංවිධාන කළ මහජන රැළිය මාතර දී

15

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමේ මහජන රැළියක් අද පස්වරුවේ (23) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී පැවත්වෙනවා.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම රැළිය පැවැත්වීමට කටයුතු කළේ ජනතාවගේ හා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ ඉල්ලීම් මත බවයි.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් රැළිය සංවිධානය කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකයාට සහය පල කෙරෙන සාර්ථක රැළියක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

එම රැළියේදී සජිත් ප්‍රේමදාස මහතා ජනතාව ආමන්ත්‍රණය කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 3.00 ටයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර සඳහන් කර තිබුණේ තමන් ජනාධිපතිවරණය ට ඉදිරිපත්වන බවයි.

Your Comments