ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු හය දෙනා යළි රිමාන්ඩ්

23

කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා ඇතුළු හය දෙනා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ලබන 28 වන දා දක්වායි.
සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණ බව සඳහන්.
දෙමටගොඩ ප්‍රදේශයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් ත්‍රස්වාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කෙරුණා.
අනතුරුව ඔවුන්ව මුල්වරට අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය 22 වන දායි.

Your Comments