ෂාෆි නාරි වෛද්‍යවරයෙක් නොවන බව එස් බී කියයි

74

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා මැතිවරණයට තරග කිරීමෙන් පසු නැවත වෛද්‍ය වෘත්තියට බඳවා ගැනීමේ ක්‍රියාදාමයේ ගැටලුවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසනවා.
මහනුවර අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ අදාළ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙකු නොව සාමාන්‍ය වෛද්‍යවරයෙකු යැයි තමන්ට තොරතුරු වාර්තා වී ඇති බවයි.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් ෂාෆිට එල්ල වන චෝදනා මෙන්ම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබදව අද දිනයේත් ස්ථාන කිහිපයකදී විවිධ අදහස් පළ වුණා.
මේ මහනුවරදී ඒ පිළිබදව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා අද කොලඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ පිලිබදව අදහස් පළ කළා.

Your Comments