ශිෂ්‍යත්වය වෙනුවට ජනපතිගෙන් නව වැඩපිලිවෙලක්

46

ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවෙන් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ ලෝකයේ ඉහළම දියුණුවක් ලබා ඇති රටවල් අනුගමනය කරන අධ්‍යාපන ක්‍රමවේදයන්ට අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනස් කිරීම බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
ජනධිපතිවරයා මේ බව සඳහන් කළේ ගොඩගම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලයේ ඊයේ පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.
05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 07 ශේණියේ දී හෝ 08 ශේණියේ දී විභාගයක් පවත්වා එම විභාග ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව එක් එක් විෂය ක්ෂේත්‍රයන් සඳහා දරුවන් යොමු කිරීම අරමුණ බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.
අධ්‍යාපන විශේෂඥයන්ගේ මඟ පෙන්වීමෙන් ඉදිරියේ දී එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

Your Comments