ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගන්න ඇමති අකිල ළමා මනෝ විද්‍යාව පිළිබඳ අවධානය යොමු කරයි

7

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විභාග තුළින් දරුවන්ට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බවයි.
මේ අතර අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සහ පාසල් ලබාදීම යන කරුණු කෙරෙහි ද සැලකිල්ලක් දැක්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
මෙම සමාලෝචන කමිටුවට අධ්‍යාපන ලේකම් ඇතුලු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, විශේෂඥ හා ළමා රෝග වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, විභාග කොමසාරිස් සහ අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් සමන්විතයි.

Your Comments