ශ්‍රී ලන්කන් ගුවන් මගීන්ට නවතම අත්දැකීමක්

32

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සෙරෙන්ඩිබ් ව්‍යාපාරික පංතියේ විවේකාගාරය තුළ දී නවතම සිනමා දර්ශන නැරඹීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළේ දී තම ගුවන් ගමන් වාරය පැමිණෙන තෙක් බලා සිටින ගුවන් මගීන් වෙනුවෙන් මෙම අවස්ථාව ලබා දී ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ.

මෙහිදී ඇමෙරිකානු සහ ප්‍රංශ සමාගම් එක්ව හඳුන්වා දී ඇති නවතම ස්කයි ලයිට් තාක්ෂණය ඔස්සේ වර්චුවල් රියැලිටි සිනමා අත්දැකීම ගුවන් මගීන්ට ලබා ගත හැකියි.

ඉදිරියේදී මෙම පහසුකම් දිගු දුර ගමනාන්ත කරා ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ද හඳුන්වා දීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ බලාපොරොත්තුවක්.

මෙම ත්‍රිමාන එච්.ඩී සිනමා රසාස්වාදනය ආසියානු කළාපයට පළමුවෙන්ම හදුන්වා දී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි.

ඔවුන් රටවල් 48ක ගමනාන්ත 111ක් කරා නවීනතම එයා බස් ගුවන් යානා මගින් පියා සැරීම සිදු කරනු ලබනවා.

Your Comments