ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 148 දක්වා ඉහළට

33

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව පස්වරු 200 පමණ වන විට 148 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද(02) පෙරවරුවේ තවත් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගින්.
ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 124ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සුවය ලැබූ සංඛ්‍යාව 21ක් වන අතර කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3ක්.
මේ අතර කොරෝනා බවට සැකය මත රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව 231ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ.

Your Comments