ශ්‍රී ලංකාවට අඛණ්ඩව අවි ආයුධ සපයන බවට ඉරානයෙන් සහතිකයක්

7

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය අවි ආයුධ අඛන්ඩව සැපයීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් පවසනවා.
දෙදින සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඔහු අද පෙරවරුවේ විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.
ඔහු සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර ද්වීපාර්ශවික වෙළදාම ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, ජගත් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වලදී රුසියාව සමග ඒකමතිකව කටයුතු කිරීම පිළිබදව ඔහු එහිදී ලක් රජයට ස්තූතිය පළ කළා.
42 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමග දිවයිනට පැමිණි රුසියානු විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද හමු වීමට නියමිතයි.

Your Comments