ශ්‍රී ලංකන් ගැන විගණකාධිපතිගෙන් වාර්තා 2ක්

11

ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තා දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වු අතර අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හඳුන්නෙත්ති මහතා මේ බව සදහන් කළා.
කෝප් කමිටුව සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් පාලනාධිකාරියේ නිලධාරින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු නිලධාරීන් කිහිපදෙනෙකුද කැඳවා තිබු බව සඳහන්.

Your Comments