‘ශ්‍රී ලංකන් කමිටු වාර්තාව’ හෙට ජනපතිට

21

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට නියමිතයි.

පසුගිය 7 වනදා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළ ඇතුළත් බව එම කමිටුවේ සාමාජික කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා.

එසේම මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබා ඇති පාඩුව පියවීමට ගුවන් යානයක ගමන් කර නොමැති ශ්‍රී ලාංකිකයන්ට පවා දායක වීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.

මේ අතර, අධික ලෙස පාඩු ලබමින් පවතින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රුපියල් මිලියනයකට වඩා වැටුප් ලබන නිලධාරීන් 190 දෙනෙකු මේ වනවිට සේවය කරන බව පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කෙරුණු කෝප් වාර්තාව මගින් හෙලිදරව් කරනු ලැබුවා.

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධානයට පත් කළ ජනපති කමිටුව
සභාපති – රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න
සෙසු සාමාජිකයන්
ආචාර්ය හර්ෂ ද සිල්වා
ආචාර්ය නන්දලාල් වීරසිංහ
ආචාර්ය ධර්මරත්න හේරත්
මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසා බණ්ඩාර
වී. කනගසභාපති
එල්.එස්.අයි. ජයරත්න
විරාජ් දයාරත්න
මහේන් ගොපල්ලව
වසන්ත කුමාරසිරි
අජිත් අමරසේකර
තිසුරි වන්නිආරච්චි

Your Comments