වෛරය පදනම් කර ගත් දේශපාලන අරමුණුවලට ඉඩක් නෑ

25

වෛරය සහ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන සංග්‍රාම හේතුවෙන් රටේ සංවර්ධනය යටපත් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මෙම පෞද්ගලික දේශපාලන අරමුණුවලට රටේ සංවර්ධනය සහ ජනතා අවශ්‍යතා යටපත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.
සාරවත් දේශයක වාපි සංග්‍රාමය, එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික් සමාරම්භක අවස්ථාවට අද පස්වරුවේ එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.
මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසරය සහ වන සම්පත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් තීන්දු තීරණ රැසකට එළඹුනේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීමට බවයි.
එම තීන්දු තීරණ පිළිබඳ තමාට පහර දෙමින් අපවාද එල්ල කළ ද වන සම්පත රැක ගැනීමේ වගකීම කිසිවෙකුට බැහැර කළ නොහැකි වගකීමක් බවට පත්ව ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.

Your Comments