වෛද්‍ය ෂාෆිට එරෙහි විමර්ශනයේ අතුරු වාර්තාව අද සෞඛ්‍ය ලේකම්ට

12

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට භාර දීමට නියමිතව තිබෙනවා.
වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ එම වාර්තාවෙන් අදාළ චෝදනා පිළිබඳ කරුණු ගණනාවක් ඉදිරිපත් වී ඇති බවයි.
මේ අතර, පොලිස් අත්අඩංගුවේ පසුවන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ දඹුල්ල මහ රෝහලට මේ වන විට පැමිණිලි 601ක් ලැබී තිබෙනවා.
මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදු කිරීමෙන් පසු යළි පිළිසිඳ ගැනීමක් සිදුනොවු බව පවසමින් ඊයේ දිනයේදී ද මව්වරු 50 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි දිරිපත් කළා
මේ වන විට වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 486 ක්.
මේ අතර මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඊයේ මව්වරු 08 දෙනෙකු දඹුල්ල මහ රෝහලට පැමිණිලි ඉදිරිපත් කළා.
වෛද්‍ය ෂාෆිට එරෙහි පැමිණිලි ඉදිරිපත් කිරීමට තවදුරටත් අවස්ථාව පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහල ප්‍රකාශ කළා.
ඒ පිළිබඳ විමර්ශන ඉදිරි සතිවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආරම්භ කරන බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේ.

Your Comments