වෙසක් සමයේ සුරාබදු නිලධාරීන් සිදු කළ වැටලීම් වලින් 754 දෙනෙකු අත්අඩංගුවට

15

දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වැටලීම් වෙසක් උත්සව සමය මුල් කර ගනිමින් සිදු කළ බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ.
පසුගිය 17, 18 සහ ඊයේ දිනයන්වල දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුත් මත්පැන් සහ මත්ද්‍රව්‍ය හමු වී තිබෙනවා.
මත්පැන් නිෂ්පාදනය කිරීම සහ එය ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් 299 ක්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනෙක් සැකකරුවන් 264 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කිරීම හේතුවෙන්.

Your Comments