වෙරළ ආසන්න ජනතාවට නිවේදනයක්

33

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම ප්‍රදේශවල වෙරළ ආශ්‍රිතව ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

ඒ අනුව සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
වයඹ පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවන අතර ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Your Comments