වීසා නොමැතිව රැඳී සිටි ඉන්දීය කතක් සහ දරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

15

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක සහ ඇගේ දරුවන් දෙදෙනා හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ – වගවත්ත ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති මෙම කාන්තාවගේ වයස අවුරුදු 28 ක් වන අතර, ඇගේ 8 හැවිරිදි දැරිය සහ අවුරුදු දෙකක් වයසැති පිරිමි දරුවා ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ අතර වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් රැඳී සිටි තවත් රුසියානු ජාතිකයෙකු ගාල්ල – හාලිවල ප්‍රදේශයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments