විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට

32

දිවයින පුරා ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සිදුකළ පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 9 සිට අද උදෑසන 8 දක්වා කාලය තුළ අදාළ මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
එහිදී රථවාහන වැරදි 5, 808ක් සඳහා නඩු පවරා ඇති බව සඳහන්.
බීමත් රියදුරන් 541 ක්, වරෙන්තුකරුවන් 948 ක්, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 938 ක්, හෙරොයින් ඇතුලු නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 812 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments